November 5, 2025

දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වූ සිව්දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ කණ්ඩායම කිරිබත්ගොඩ සිට හලාවත මුන්නේෂ්වරම් කෝවිලට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශවාසීන් සමත් වී ඇති අතර, ඔවුන් හලාවත මහරෝහලට ඇතුළත් කර ඇත.

බේරාගත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

මේ අතර, අතුරුදහන් වූ ඉතිරි පුද්ගලයන් සොයා හලාවත පොලිසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.