
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ආසියාවේ විශාලතම බහුකාර්ය සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වන බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ( BMICH ) අධ්‍යක්ෂකවරයා(සහ ප්‍රධාන විධායක නිලධාරි) පරිපාලන අක්‍රමිකතා හේතුවෙන් ඉල්ලා අස්වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු කිරීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විශේෂ කමිටුවක් පත්කිරිමට නියමිත බව BMICH අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .
BMICH හි මුදල් අවභාවිතය, පාරිපාලන බලය අයුතු ලෙස භාවිත කිරීම සහ සුභසාධනය සම්බන්ධ ගැටලු හේතුවෙන් අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධව පත්කිරීමට නියමිත විමර්ශන කමිටුවෙහි සභාපති ලෙස කටයුතු කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායකට ආරාධනා කර ඇති අතර, එම අනුමැතිය අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ලැබුණු පසු කමිටුව පත්කිරීමට නියමිතව ඇත.
එහිදී මුදල් සහ මානව සම්පත් දෙපාර්තමේන්තුව තුළ පැවති වංචා සහ අක්‍රමිතා විමර්ශන දෙකක් ලෙස වෙන වෙනම සිදු කිරීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart