
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බියගමට නව ජාතික රෝහලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාවේ මෙසේ සඳහන් වේ.
‘ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබයි.
ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමත කර ඇත.’
1970 දශකයේ මැද භාගයේදී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් වූ ඔහු, පසුව 1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart