
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙතෙක් කල් තමන් දැරූ තනතුරින් ඉවත්ව එම වගකීම් සියල්ල වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ වාර්තා කරයි.
එලෙස පැවරීමට යෝජිත අය අතර අමාත්‍ය බිමල් රත්නායකගේ නම ඉහළින්ම සඳහන්ව ඇති බව වාර්තා වෙයි.
වසර ගණනාවක් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය දරමින් සිය වගකීම් නිසි ලෙස ඉටු කරලීමත්, එමෙන්ම වසර ගණනාවක් කැපවීම් කරමින් බලාපොරොත්තු වූ බලය ලබාගැනීම වර්තමානයේ සිදුවී ඇති නිසාත් ඔහු මෙම තීරණය ගැනීමට සූදානම් වන බව එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් මේ වනවිට බහුතරදෙනා පාර්ලිමේන්තු නියෝජනය කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කර ගනිමින් පක්ෂය ඉදිරියට ගෙන යාමට ටිල්වින් සිල්වාගේ සහාය අවැසි බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart