
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විශාලතම කිරිබත සකස් කිරීම ඊයේ (14) සිංහල හා දෙමළ අලුත් අවුරුදු දා ,සුබ මොහොතින් වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් සිදුකෙරිණි.
වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන් ඊයේ අලුයම සකස් කළ මෙම අවුරුදු කිරිබතට කැකුළු සහල් කිලෝ 400ක්,පොල් ගෙඩි 705ක් යොදාගෙන තිබිණි.
කිරිබත සඳහා රසවත් ලුණු මිරිසක්ද රැඳවුවන් අතින් සකස් කළ අතර, ඒ් සඳහා බී ලූණූ කිලෝ 60ක්,වියළී මිරිස් කිලෝ 12ක්,අමුමිරිස් කිලෝ 07ක්,තක්කාලි සහ දෙහි කිලේ 10ක් සහ දියලුණු කිලෝ 30ක් යොදාගැණිනි.
මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවූවන් 3300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකි වූ අතර, එහිදී එක් අයකුට හිමිවූ කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි.
අලුත් අවුරුදු දා මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් රැඳවුවන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා පිළියෙළ වූ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී .බී.දිසානායක පැවැසුවේ, 30,000ක් පමණ රැඳවූවුවන් විශාල පිරිසක් ඒකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීමද විශේෂත්වයක් බවයි.
අවුරුදු කිරිබතක් පිළීයෙළ කිරීම වගේම රැඳවූවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාර තුළ ඉටුකිරීමද, ඒ ඒ බන්ධනාගාරයන් තුළදී ඊයේ සිදුවූ බවත්, 16 වැනිදා ට යෙදෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද රැඳවූවන් වෙනුවෙන් ඒ ඒ බන්ධනාගාරවලදී ඉටුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart