
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙහිවල ප්‍රදේශයේ යතුරුපැදියක් සහ පාපැදි කිහිපයක් කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් ඊයේ (02) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ජූනි 25 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී සොරකම් කරන ලද යතුරුපැදියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවලදීය.
එමෙන්ම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව, සොරකම් කරන ලද යතුරු පැදිය ගල්කිස්ස පොලිස් වසමේ තිබියදී සොයාගෙන ඇති අතර, ඔහු විසින් විවිධ ප්‍රදේශවලින් සොරාගත් පාපැදි 11ක් ද පොලිසිය සොයා ගෙන ඇත.
දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 04ක් මේ වන විට නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අද (03) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart