
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම සඳහා කැබිනට් මණ්ඩලය තෝරාගෙන ඇති කොන්ත්‍රාත්කරුවන් හයදෙනා අතර ඉන්දියාවේ භාරත් පෙට්‍රෝලියම් සංස්ථාව ද සිටින බව රජය පවසයි.
අන්තර්ජාතික ගුවන් තොටුපොළවල ශ්‍රීලන්කන් ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම වෙනුවෙන් අන්තර්ජාතික තරඟකාරී ලංසු කැඳවීමෙන් පසුව මෙම කොන්ත්‍රාත් ප්රදානය කර ඇති බව රජය කැබිනට් තීරණ මගින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, වසර දෙකක කාලයක් සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
එම සමාගම් 06 අතර, BP Middle East LLC , Aviation Services Management Limited in Dhaka, Chevron Products Company, Royal Sino – Energy Aviation Services Hong Kong Company Limited, ජෙඩා හි United fuel Company Limited සහ ඉන්දියාවේ භාරත් පෙට්‍රෝලියම් සංස්ථාව වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart