
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දෙසැම්බරයේ ඕස්ට්‍රේලියාවේ ඉන්දීය මහ කොමසාරිස් මන්ප්‍රිට් වොහ්රා විශ්‍රාම ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගොපල් භාග්ලේ කැන්බරාහි ඔහුගේ ධූරයේ වැඩ බාරගැනීමට නියමිත අතර, යුරෝපා සංගමයේ ඉන්දීය තානාපති සන්ටෝෂ් ජා (Santosh Jha) භාග්ලේ වෙනුවට කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
දැනට නවදිල්ලියේ රාජකාරී කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන සෞරබ් කුමාර් බ්‍රසල්ස්හි ජාගේ තනතුර භාරගැනීමට නියමිත බව පැවැසේ.
ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළඳ ගිවිසුම සකස් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ නියෝජිතයකු වන්නේ සන්තෝෂ් ජා ය.
නවදිල්ලියේ ලේකම් (නැගෙනහිර) ධූරයට සෞරබ් කුමාර් වෙනුවට ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න තවමත් පැහැදිලි නැත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart