
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල්(විශ්‍රාමික) කමල් ගුණරත්නගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ආරක්ෂා කරදෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත.
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ආරක්‍ෂා වීම සඳහා ඇමැති ආරක්‍ෂක අංශයේ (MSD) නිලධාරීන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පෙන්වාදී තිබේ.
පාර්ලිමේන්තු කමිටු රැස්වීම්වලට ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිතර පැමිණෙන බවද මන්ත්‍රීවරයා පවසා ඇත.
පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ගැටලුකාරී ආකාරයෙන් හැසිරුණු බවට මන්ත්‍රීවරයා චෝදනා කර තිබේ.
පාර්ලිමේන්තු කමිටු රැස්වීමක් අතරතුර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා තමාට තර්ජනය කළ බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පසුගියදා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart