
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන වංචනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ඇතුළු විවිධ ප්‍රදේශවලින් මෙවැනි වංචාවන් වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නීත්‍යනුකූල දේශීය ආදායම් නිලධාරීන් පැමිණෙන්නේ බදු ගෙවන්නන්ට උපදෙස් දීමට පමණක් වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඔවුන් කිසිවිටෙක මුදල් හෝ චෙක්පත් ලබා නොගන්නා බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ නමින් ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ නම් කර ඇති බැංකු ගිණුම්වලට ගෙවීම් කරන ලෙසට පමණක් ඔවුන් දැනුම් දෙන බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එබැවින් බදු නිලධාරීන් යැයි පවසා මුදල් හෝ චෙක්පත් ඉල්ලා සිටින කිසිවකුට එසේ නොදෙන ලෙසත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට සිද්ධිය වාර්තා කරන ලෙසත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එවැනි වංචනිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය වැදගත් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart