
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකීය හාස්‍යෝත්පාදක නිෂ්පාදනයක් වන නෙළුම් කුළුණ (Tentigo) චිත්‍රපටය බහු භාෂාවලින් ප්‍රතිනිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය ලෙස ඉතිහාසගත වී ඇත.
චිත්‍රපට නිෂ්පාදක ඉලංගෝ රාම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ පළමු නිල ප්‍රතිනිර්මාණය දමිළ භාෂාවෙන් පේරුසු සහ තෙළිඟු භාෂාවෙන් පේධා ලෙස අධ්‍යක්ෂණය කර තිබේ.
දකුණු ඉන්දීය නිෂ්පාදන ආයතනයක් වන ස්ටෝන් බෙන්ච් ෆිල්ම්ස් සමඟ සහයෝගයෙන් කන්නඩ සහ මලයාලම් භාෂාවෙන් ද එය නිර්මාණය කට ඇත.
මුල් සිංහල චිත්‍රපටිය සහ එහි දෙමළ ප්‍රතිනිර්මාණය මේවනවිට සිනමාහල්වල තිරගත වේ.
සුප්‍රසිද්ධ උතුරු ඉන්දියානු චිත්‍රාගාරයක් සමඟ හින්දි ප්‍රතිනිර්මාණයක් සිදුකෙරෙමින් පවතින අතර ස්පාඤ්ඤ, ඉතාලි, ප්‍රංශ සහ බෙල්ජියම් භාෂාවලින් යුරෝපීය අනුවර්තනයන් ද සිදුවෙමින් පවතී.
සුප්‍රසිද්ධ කොරියානු සමාගමක් විසින් එය අමෙරිකාවේදී ප්‍රතිනිර්මාණයක් ලෙස නිෂ්පාදනය කිරීමට නියමිතය.
නෙළුම් කුළුණ (Tentigo) මේවන්විටත් අන්තර්ජාතික පිළිගැනීමට ලක්ව තිබේ.
Tallinn Black Nights චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානය දිනාගනිමින් සහ බ්‍රසීලයේ Sao Paulo අන්තර්ජාතික චිත්‍රපට උළෙල, AFRIFF අප්‍රිකානු චිත්‍රපට උළෙල, නයිජීරියාවේ AFRIFF අප්‍රිකානු චිත්‍රපට උළෙල, UK හි Glasgow Film Festival, Switzhoigi හි Friborg අන්තර්ජාතික චිත්‍රපට උළෙල, සහ Eik India International Film Festival ඇතුළු අන්තර්ජාතික සිනමා උළෙලවලදි එය ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart