
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් වල ඉන්ධන අලෙවිය මේ වනවිට 20%කින් පමණ පහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනාවරණය කරයි.
තරගකාරීත්වය ඇති කිරීමට යැයි පවසමින් විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළ පසු චීනයේ සයිනොපෙක් සමාගම සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් හතකින් අඩුකරනු ලබයි
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයටත් අවශ්‍ය නම් ‘සිපෙට්කෝ’ ඉන්ධන ලීටරයක මිල රුපියල් හතකින් හෝ ඊට ආසන්න ගණනකින් පහළ දැමීමේ හැකියාව පවතී.
කෙසේවෙතත් පැරණි ණය ගෙවීමට අවශ්‍ය බැවින් සිපෙට්කෝ මිල ‘සතයක්වත් අඩු නොකරන’ බවට අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කර ඇත.
මෙම හේතුව නිසා රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල් වල අලෙවිය අඩුවී ඇතැයි ද ඔහු පවසයි.
එමෙන්ම සිපෙට්කෝ ඉන්ධනහල් එක්දහස් පනහක් මෙරට තිබෙන අතර, ඉන්දීය තෙල් සමාගමට ඉන්ධනහල් දෙසිය අසූවක් තිබේ.
ඊට අමතරව චීන සයිනොපෙක් සමාගම සතුව ඉන්ධන හල් 150ක් ඇත.
මේ ආකාරයට දිගින් දිගටම ගියහොත් සිපෙට්කෝ ඉන්ධනහල් වැසී යනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.
මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල පාලනය කිරීමේ අයිතිය තෙල් සංස්ථාවට ලබාදෙන ලෙස සංස්ථාව බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
දැනට සංස්ථා තෙල් මිල තීරණය කිරීමේ බලය ඇත්තේ බලශක්ති අමාත්‍යාංශය සතුව ය.
මේ අතර මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ, ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ වැය බර මහා භාණ්ඩාගාරය යටතට පවරාගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart