
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීබීසී වාර්තා චිත්‍රපට මාලාවක් වන ‘ඇම්බියුලන්ස්’ හි(Ambulance) මෑතකදී ප්‍රචාරය වූ කථාංගයකින්, සරණාගතභාවය පතා ලන්ඩනයට ගොස් නිවාසයක් නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකික ශිෂ්‍යයකුගේ වේදනාකාරී කතාවක් හෙළිදරව් කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී විකාශය වූ මෙම කථාංගය ඔස්සේ, හදිසි සේවා වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වන හැනා සහ නියාල් විසින්, මෝටර් රථ නැවතුම්පොළක ජීවත් වන, සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයකු සම්බන්ධ ඇමතුමකට ප්‍රතිචාර දක්වන ආකාරය ප්‍රචාරය කරයි.
නදීර ලෙස පමණක් හඳුනාගෙන ඇති මෙම තරුණයා, තමා විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට එක්සත් රාජධානියට පැමිණි නමුත් මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් නවාතැනක් නොමැතිව සිටි බව හදිසි සේවා කාර්ය මණ්ඩලයට පවසයි.
වැඩසටහනට අනුව, නදීරට අධ්‍යාපනයට හෝ ජීවන වියදම් සඳහා ගෙවීමට මුදල් නොමැති අතර, එක්සත් රාජධානියේ ඔහුගේ වියදම් සඳහා අරමුදල් සැපයූ ශ්‍රී ලංකාවේ ඔහුගේ මාමා වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු ඔහු එරට සරණාගතභාවය ඉල්ලා සිටී.
එක්සත් රාජධානියේ බලධාරීන්ගෙන් කිසිදු සහයක් නොලැබීම ගැන ඔහු කලකිරීමට පත්වන අතර, ඔවුන් ඔහුගේ සරණාගතභාවය සහ සුභසාධන සහයෝගය සම්බන්ධයෙන් එකිනෙකාට “බෝලය පාස්කරන” බව පවසයි.
මූල්‍ය ආධාර හෝ මානසික සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශයක් නොමැතිව, නදීර තමා රථගාලක ජීවත් වන බව කාර්ය මණ්ඩලයට පවසයි.
ඔහුගේ ජීවන තත්ත්වය හේතුවෙන් ඔහුව මඟහරින සෙසු සිසුන් සමඟ ඔහුට කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඔහු සඳහන් කරයි.
ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු විසින් පහරකෑමට ලක්ව ඇති නමුත් රථගාලේ නිදා සිටින ස්ථානය අහිමි වේ යැයි බියෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යෑම ප්‍රතික්ෂේප කළ ආකාරය ද විස්තර කරයි.
නිවාස ගැටලුවට විධිමත් සහයෝගයක් නොලැබුණද, නදීර පසුව ආගන්තුකයෙකුගේ කරුණාවෙන් රැකියාවක් සහ ස්ථිර නිවාසයක් ලබාගත් බව පවසමින් කථාංගය අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart