
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් මඩකලපුව මාංකාඩු ග්‍රාමයෙහි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිදෙනකු රෝහලට ගත කර ඇත.
මෙම සිද්ධියෙන් 27 හැවිරිදි කාන්තාවක් ජීව්තක්ෂයට පත්ව ඇති අතර 50 හැව්රිදි තවත් කාන්තාවක් 19 හැවිරිදි පිරිමියෙක් හා වයස අවුරුදු 03ක පිරිමි දරුවෙකු රෝහල්ගත කර තිබේ.
මේ අතුරින් 50 හැවිරිදි කාන්තාව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කලුවන්ච්කුඩ් මුලික රෝහල් ආරංචි මාර්ග පවසයි.
ජිවිතක්ෂයට පත් කාන්තාව මාංකාඩු ග්‍රාමයේ දරුවන් දෙදෙනෙකුගේ මවකි.
බ්‍රහස්පතින්දා මාංකාඩු ප්‍රදේශයේ මුහුදු වෙරළේදී ධීවරයන් ඉවතලූ මෙම විෂ සහිත මාළු අදාළ කාන්තාව විසින් රැගෙන ගොස් ඇත.
මෙම පවුලේ අය දිවා භෝජනය ගැනීමෙන් පසු ක්ලාන්තය සෑදී කළුවංච්කුඩි රෝහලට රැගෙන ගොස් ඇත.
ජිවිතකෂයට පත්වු තැනැත්තියගේ මෘත දේහය කළුවංච්කුඩි රෝහලේ මෘතාගාරයේ තැන්පත් කර ඇත.
කළුවංච්කුඩි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂ්කවරුන් ඔවුන් අනුභව කල ආහාර වර්ගවල සාම්පලයක් රස පරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොමුකර ඇත.
(මඩකලපුව සමූහ වාර්ථාකරු ටි.එල්. ජ්ව්ෆර්කාන්)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart