March 22, 2024

හදිසි මහ මැතිවරණයක් සඳහා වන ඉල්ලීම් හමුවේ, ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මුහුණට මුහුණ හමුවක් පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පවසා ඇත්තේ, සාකච්ඡුා ධනාත්මකව අවසන් වූ බවත්, ඒ සඳහා පැමිණීමට පෙර තම තමන්ගේ පාර්ශ්වයන්ගෙන් අදහස් විමසීමට කටයුතු කළ බවත්ය.

පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කළේ දැයි විමසූ විට බැසිල් රාජපක්ෂ සෘජු පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් ප්‍රතිඵලය ධනාත්මක බව පවසා ඇත.

ජනාධිපතිවරයා සමඟ එකඟ වූ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව මාර්තු 27 වනදා රැස්වන බවද ඔහු පැවසයි.

එසේම ජනාධිපතිවරයා මෙම කාරණය තම එක්සත් ජාතික පක්ෂයට යොමුකරනු ඇත.

මීට පෙර බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් ඉල්ලා සිටියේය.