May 15, 2026

රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් ප්‍රවර්ධන සැලස්මට අනුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ Digital පිං කැටය ස්ථාපනය කිරීම .සිදුකර ඇත.

එම අවස්ථාවට ලංකා බැංකුවේ මහා කළමනාකාර / ප්‍රධාන විධායක නිලධාරී Y A ජයතිලක, වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාර සංවර්ධන හා ශාඛා බැංකුකරණ භද්‍ර කල්‍යාණප්‍රිය ගුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකාර මානව සම්පත් මෙහෙයුම් ධම්ම විජයවර්ධන, ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ඩී ලියනගේ සහ නියෝජ්‍ය මහා කළමනාකාර උපකාරක සේවා කුමුදුනී ජේ.යෝගරත්නම් සහ දකුණු පළාත් ලංකා බැංකු කාර්ය මණ්ඩලය එක්ව ඇත.

සුරක්ෂිත පහසු හා නවීන තාක්ෂණය මුසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පඬුරු පූජා කිරීමට බැතිමතුන්ට දැන් අවස්ථාව උදා වී තිබේ.