
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හීලෑ කිරීම සඳහා වන අලි ඇල්ලීම තහනම් කරමින් බංග්ලාදේශ අධිකරණයක් නියෝගයක් නිකුත්කර තිබේ.
එම නියෝගය කෲරත්වය නැවැත්වීමට උපකාර වන ‘මහා සලකුණක්’ ලෙස සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් ප්‍රශංසාවට ලක්කර ඇත.
අලින් සඳහා වන බලපත්‍ර අත්හිටුවීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මගින්, පුහුණුවේ නාමයෙන් අල්ලන ලද ආසියාතික අලි ඇතුන්ට වධහිංසා පැමිණවීම නැවැත්විය හැකි බව එම අයිතිවාසිකම් කණ්ඩායම්වල මතය වී තිබේ.
“අලි අල්ලාගෙන ඇති දැඩි කිරීම සඳහා වූ සියලුම බලපත්‍ර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අත්හිටුවන ලදී” යැයි එරට නියෝජ්‍ය නීතිපති අමිත් දාස් ගුප්තා පැවසීය.
බංග්ලාදේශය කලක් ආසියානු අලින්ගේ ප්‍රධාන නිවහනක් විය.
එහෙත් දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම නිසා ඔවුන්ගේ සංඛ්‍යාව කෙතරම් අඩු වී ඇත්ද යත් දැන් එම අලින් බංග්ලාදේශයේ දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.
සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය පවසන්නේ බංග්ලාදේශයේ වහල්භාවයට පත් ආසියානු අලි ඇතුන් 100කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, එය එරට වන්නන්තරවල ඉතිරිව සිටින අලි සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ගණනක් බවයි.
දැව කැපීම සහ ගොවිතැන් කිරීම සඳහා අලින්ගේ ප්‍රදේශ ආක්‍රමණය කිරීමේදී බංග්ලාදේශයේ උතුරු සහ ගිනිකොනදිග කඳුකරයේ සිටින තරුණ සතුන් අල්ලා ගනු ලබන බව පැවසේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගස් කඳන් ඇදීමට හෝ සර්කස් කණ්ඩායම්වලට හදාවඩා ගැනීම සඳහා මීට පෙර අලි බලපත්‍ර නිකුත් කර තිබිණි.
එහෙත් බලපත්‍ර කොන්දේසි කඩ කරමින් අලි ඇතුන් සූරාකෑමට සහ සිඟමන් යැදීම සඳහාත් “වීදි කප්පම් ගැනීම්” සඳහාත් යොදා ගන්නා බව නියෝජ්‍ය නීතිපති ගුප්තා පැවසීය.
පසුගිය වසරේ මැයි මාසයේදී මහමඟ සිඟමන් යැදීම සඳහා යොදාගත් කුඩා ඇතකු දුම්රියට හසුවී මියයෑමත් සමඟ සිරකරගෙන සිටින අලි ඇතුන්ගේ තත්ත්වය ගැන අවධානය යොමුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart