
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට සහ ජාතික රුපවාහිනියේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල එම ධූරවලින් ඉවත්වී ඇති බව වාර්තාවේ.
ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සමග ඇතිවූ අර්බුද හේතුවෙන් මෙම ඉවත්වීම් සිදුව ඇති බව පැවැසේ.
මේ අතරින් ඩබ්ලිව්.බී. ගනේගලට ජාතික රුපවාහිනියේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ‘ඉහළින්’ නියෝගයක් ලැබී ඇතැයි ආයතනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.
බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රවර්ධනය කෙරෙන ප්‍රවෘත්ති සඳහා වැඩි ආවරණයක් ලබානොදෙන බවට මෙම හිටපු සභාපතිවරුන් දෙදෙනාටම ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවී තිබේ.
විශේෂයෙන්ම ලේකහවුස් ආයතනයෙන් නිකුත් කෙරෙන දිනපතා පුවත්පත්වල මුල් පිටුවේ දිනපතා ඇමැතිවරයාගේ පුවත් පළකිරීම මෙන්ම, ජාතික රුපවාහිනියේ රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයේ ඇමැතිවරයා ප්‍රවර්ධනය කෙරෙන පුවත් දෛනිකව පළකිරීම අනිවාර්ය කර ඇතැයි අදාළ ආයතනවල සේවකයෝ පවසති.
මේ අතර ජාතික රුපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන තිලක් මහගමගේටද එම ධුරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart