September 26, 2024

මන්නාරම ප්‍රධාන මාර්ගයේ මත්පැන් අලෙවිසැලක් වෙනුවෙන් දී ඇති බලපත්‍රය අවලංගු කරන ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ඉල්ලීමක් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඔහු ඊයේ (25) යොමු කළ සුබපැතුම් ලිපියෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

පාසල්, ඇඟලුම් කම්හල් සහ නේවාසික ප්‍රදේශ ආසන්නයේ මෙම මත්පැන් හල පිහිටා ඇති බැවින් ප්‍රදේශයේ සිසුන්ගේ සහ කම්කරුවන්ගේ සුබසිද්ධිය සඳහා එය අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස බදියුදීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

42.31%
17.27%
32.76%