
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් ඉකුත්දා අවුකන බුද්ධ ප්‍රතිමාවට පැළඳ වූ බව කියන සිවුර ගල්නෑව පොලිසිය විසින් මේ වනවිට සිය භාරයට ගෙන තිබේ.
ලෝ පතල ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රථිමා වහන්සේට සිවුරක් පැළඳවීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන අනුව එම සිවුර හා පාවහන් යුගලය මෙලෙස පොලිස් භාරයට ගෙන තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට අනියුක්ත අවුකන ප්‍රදේශය භාර පුරාවිද්‍යා නිලධාරීන් විසින් ගල්නෑව පොලිස් ස්ථානය වෙත කර ඇති පැමිණිල්ලකට අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව එම පිළිම වහන්සේට පළඳා තිබූ සිවුර පූජාකිරීමට මුල්වූ බව කියන වත්තල මාබෝල,බංගලාවත්ත, ප්‍රදේශයේ පදිංචි පාරම්පරික නිල වෛද්‍යවරයකු ඇතුලු පිරිසකගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද නියමිත බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart