
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතියේ ‘අඛණ්ඩතාව සහ තිරසාරභාවය ආරක්ෂා කිරීම’ අරමුණු කරගත් බව කියන නව නීති යටතේ ඉරාන සංචාරකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් කර තිබේ.
නම් කරන ලද රටවල් වෙතින් පැමිණෙන තාවකාලික වීසා බලපත්‍ර ඇති පුද්ගලයන්ට මාස හයක් දක්වා ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම අවහිර කිරීමට මෙම මස මුලදී, ෆෙඩරල් රජය පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කර තිබිණි.
තාවකාලික වීසා බලපත්‍රලාභී ඇතැමුන්ට සිය වීසා කල් ඉකුත් වූ විට ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි විය හැකි බවට පවතින කණස්සල්ල මධ්‍යයේ, ඉරානයේ සිට පැමිණෙන සංචාරකයන් සඳහා ‘පැමිණීමේ පාලන’ තීරණය හෙට සිට ක්‍රියාත්මක වනු ඇත.
මෙම රීතිය අදාළ වන්නේ ඉරාන විදේශ ගමන් බලපත්‍රයකට සම්බන්ධ වන සංචාරක වීසා බලපත්‍රයක් ඇති ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුද්ගලයන්ට පමණි.
ඕස්ට්‍රේලියාවට දැනටමත් පැමිණ සිටින ඉරාන ජාතිකයන්, ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ කලත්‍රයන් හෝ යැපෙන දරුවන් මෙම සීමාවන්ගෙන් නිදහස් කරනු ලැබේ.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පැවසුවේ සුළු පිරිසකට පමණක් අවස්තාව අනුව සළකා බලා ‘අවසර ලත් සංචාරක සහතිකයක්’ ලබා දෙන බවයි.
“ඉරාන ගැටුමට පෙර නිකුත් කරන ලද බොහෝ සංචාරක වීසා තිබෙනවා, ඒවා මේ වනවිට අයදුම් කර තිබුණා නම් ලබා නොදීමට ඉඩ තිබුණා. ඕස්ට්‍රේලියානු රජය ගෝලීය වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ක්‍රමවත්, සාධාරණ සහ තිරසාරව පවතින බව සහතික කිරීම සඳහා අවශ්‍ය පරිදි සැකසුම් සකස් කරන්න සූදානම්,” යනුවෙන් බර්ක් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart