
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ කාන්තා වෛද්‍යවරියක ඇයගේ නිල නිවාසය තුළදී දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබළෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ.
ඒ අනුව, ලිංගික හිංසනය සහ ස්ත්‍රී දූෂණය යන අධිචෝදනා ද්විත්වය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.
මහේස්ත්‍රාත් අධිකරණයක මූලික සාක්ෂි විභාගයක් පැවැත්වීමකින් තොරව, විත්තිකරුට එරෙහිව සෘජුවම මහාධිකරණයේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
පසුගිය වසරේ (2025) මාර්තු මාසයේදී අදාළ වෛද්‍යවරිය රැඳී සිටි රෝහල් නිලනිවාසය තුළට අනවසරයෙන් ඇතුළු වී ඇති මෙම සැකකරු, පිහියක් පෙන්වා ඇය බියගන්වා, රෝහල් කාමරය තුළදීම මෙලෙස දූෂණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි හිටපු හමුදා සෙබළා මේ වන විට ඇප මත මුදාහැර සිටියි.
අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව ඉදිරි දිනකදී කැඳවීමට නියමිත අතර, එහිදී විත්තිකාර හිටපු හමුදා සෙබළා වෙත නීතිපතිවරයා විසින් පනවන ලද අධිචෝදනා පත්‍ර නිල වශයෙන් භාරදීමට කටයුතු කරනු ඇත.
රෝහල් පරිශ්‍රයන් තුළ සේවයේ නියුතු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ, විශේෂයෙන්ම කාන්තා වෛද්‍යවරියන්ගේ සහ හෙද නිලධාරිනියන්ගේ ආරක්ෂාව පිළිබඳව රට තුළ දැඩි කතාබහක් සහ ආන්දෝලනයක් ඇති කිරීමට මෙම සිදුවීම එකල හේතු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart