July 16, 2026

රුපියල් ලක්ෂ තිහක මුදලකට ඇත් දළයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ත්‍රිකුණාමලය පොලිස් විශේෂ කාර්ය බළකා (STF) කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටළීමකදී මෙම සැකකරු ඇත් දළය ද සමඟින් අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලාවේලි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

ඇතෙකු ඝාතනය කර මෙම ඇත් දළය ලබාගත්තේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරු සහ ඇත් දළය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.