
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
1967 දේශසීමා පදනම මත එක පැත්තකින් ජීවත් වන රටවල් දෙකක අන්තර්ජාතිකව එකඟ වූ පරාමිතීන්ට අනුකූලව සාකච්ඡාමය විසඳුමකට සහාය වීමට ශ්‍රී ලංකාව සහයෝගය පළකරයි.
ආදරණීයයන් අහිමි වූ සියලු දෙනාට බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර විපතට පත් පවුල්වලට සංවේගය ප්‍රකාශ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ටෙල් අවිව් සහ රමල්ලා හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා පවත්වයි.
මේ වන විට ගැටුම්වලින් එක් ශ්‍රී ලාංකිකයකු සුළු තුවාල ලබා ඇති බවද අමාත්‍යංශය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart