
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ වැදි ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයින් ඇතුළු කිහිපදෙනෙකු මොණරුන් මරා මස් පුළුස්සා ඒවා අනුභව කරන අයුරු දැක්වෙන වීඩියෝ දෙකකට ප්‍රතිචාර දක්වමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසන්නේ, මත්පැන් සහ මුදල් වැනි වරප්‍රසාද පිරිනමමින් එවැනි ක්‍රියාවන් දිරිමත් කරන අපරාධකරුවන් සහ යූ ටියුබ්කරුවන්ට මෙන්ම ඔවුන් හා සම්බන්ධවූවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැදිහත් වන බවයි.
මෙම වන උද්‍යානය තුළ වැදි ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනකු, විදේශීය සංචාරකයන් සමඟ එක්ව මොණර මස් පුළුස්සා ඒවා අනුභව කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන දෙකක් පසුගිය දා යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.
මේ සම්බන්ධයෙන් ‘ඩේලි මෝර්නිං’ වෙත අදහස් දක්වමින් වන්නිලඇත්තෝ පවසන්නේ, ඇතැම් යූ ටියුබ්කරුවන් එවැනි දර්ශන තම සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් මත්පැන් සහ මුදල් ලබාදෙමින් වැදි ප්‍රජාවේ පුද්ගලයන්ට මෙවැනි ක්‍රියා කිරීමට පොළඹවන බවයි.
“සෑම ප්‍රජාවකටම නායකයෙක් ඉන්නවා. ඒ නායකයාට ප්‍රජාවේ සාමාජිකයන් සම්බන්ධ වන්නේ කුමක් දැයි දැනුම්දිය යුතුයි. නමුත්, වනාන්තර ප්‍රදේශවලට ඇතුළු වී වැද්දන් මෙම ක්‍රියාවන්ට සම්බන්ධ කරන මේ කිසිවකු මගෙන් අවසර අරගෙන නෑ. නැවත මෙය සිදු වුවහොත්, මම මගේ ප්‍රජා සාමාජිකයින්ට සහ ඔවුන් දිරිමත් කළ අයට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි” වන්නිලඇත්තෝ අවධාරණය කරති.
වැදි ප්‍රජාවගේ මෙවැනි හැසිරීම් තමන් කිසිවිටකත් අනුමත නොකරන බව පැවසූ වන්නිලඇත්තෝ එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙසට නිතර උපදෙස් දෙන බවද පවසයි.
“අපේ උපදෙස් පිළි නොගන්නා පිරිසක් ඉන්නවා. මම ඒ මුළු කණ්ඩායමම මගේ ප්‍රජාවෙන් ඉවත් කළා. ඔවුන් මගේ ප්‍රජාවේ අය වුණත් නැතත් වැරැද්ද වැරද්දමයි. නමුත් මේ වගේ සිද්ධියක් වුණාම, ඒකත් වැරදියි කියලා මම දන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි විදියට හැසිරුණ පමණින් ඒක සමස්ත සමාජයේම වරදක් නෙවෙයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart