
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළි පහසුකම් භාවිත කිරීම සඳහා රුපියල් 100ක් අයකිරීමට මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව ගොවීහු සහ වෙළෙන්දෝ කලකිරීමට පත්ව සිටිති.
පොදු වැසිකිළියක් භාවිත කිරීම සඳහා රුපියල් 100ක මුදලක් අයකිරීම මීට පෙර අසා නැති දෙයක් බව බොහෝදෙනෙක් සඳහන් කර ඇත.
එමෙන්ම පසුගිය සති කිහිපය තුළ එළවළු මිල පහත වැටීමද ඔවුන්ගේ කෝපය තවත් වැඩි කිරීමට හේතු වී තිබේ.
වැසිකිළි පිරිසිදු කරන්නන්ගේ වැටුප් ගෙවීම සඳහා මෙම ගාස්තු අයකරන බව කළමනාකාරීත්වය සඳහන් කර ඇත.
මේ නිසා බොහෝ දෙනෙක් වැසිකිළි යෑම සඳහා ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශය භාවිත කිරීමට යොමු වී ඇති අතර, එමඟින් සෞඛ්‍ය අවදානමක් නිර්මාණය වී තිබේ.
මේ අතර, කැකිරි කිලෝවක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 10ක පමණ මුදලකට බවත්, එම නිසා වැසිකිළි යෑමට අවශ්‍ය නම් එයින් කිලෝ 10ක් විකිණීමටවන බවත්, එක් ගොවීහු පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart