
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගි වූ උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ල කළේ ජල ලීටර 4000ක් පමණක් යැයි පොලිස් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව බලන විට පසුගිය අවදියේ දී සිදුකළ ජල ප්‍රහාර වලට වඩා මෙය ඉතා අඩු ප්‍රමාණයක් බවද පොලිසිය පවසයි.
ගුරුවරුනට සහ විදුහල්පතිවරුනට කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කිරීම ප්‍රශ්නයක් කර නොගන්නැයිද මහජන සාමය කළමනාකරණ කොට්ඨාසය සඳහන් කර තිබේ.
ගුරු හා විදුහල්පති සමිති සන්ධානය බත්තරමුල්ල ප්‍රදේශයේ පසුගිය 24 වැනිදා පැවැත් වූ උද්ඝෝෂණයට පොලිසිය කඳුළු හා ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කොට්ඨාසයෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙක් මේ බව සඳහන් කර ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත සිය කණගාටුව පළකර තිබිණි.
(මුලාශ්‍රය – දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart