
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ඉතා යහපත් ප්‍රවණතාවක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු ආශු මාරසිංහ පවසයි.
ඔහු පවසන්නේ අ ධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසියම් සාවද්‍ය ප්‍රකාශයක් ඔහු සිදුකර ඇත්නම් එය මන්ත්‍රීවරයාගේ ගැටලුවක් මිස ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ ගැටලුවක් නොවන බවයි.
අශෝක රන්වල මන්ත්‍රීවරයා තමන් අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලයේ නම හෝ නිවැරදිව නොදන්නා බවට මාරසිංහ චෝදනා කරයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කථානායකවරයා ලෙස අදාළ විශ්වවිද්‍යාලයෙන් එම සුදුසුකම් පිළිබඳ වාර්තා ඉල්ලා සිටියේ නම් එය දිනකින් ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.
ඒ අනුව ඔහු විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින්ද ඔහු ආණ්ඩුව අපහසුතාවට පත් කර ඇති බව ආශු මාරසිංහ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart