
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර පසුගියදා පාර්ලිමේන්තු ලොබියේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන පත් කළ කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සහාය ලබා ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව තලතා අතුකෝරල සහ සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සහාය මෙම කමිටුව වෙත ලබාගැනීමට තීරණය කර ඇත.
මෙහිදී සිදුවන්නේ විමර්ශන සදහා මන්ත්‍රීවරියන් දෙදෙනාගේ සහාය ලබාගැනීම පමණක් බවත්, ඔවුන් එම කමිටුවට ඇතුළත් නොකරන බවත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කමිටු සාමාජික ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පවසා තිබේ.
අදාළ කමිටුව නොවැම්බර් 6 වැනිදා රැස්වීමට නියමිතව ඇත.
ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තු ලොබියේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බවට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ විසින් පැමිණිලි කිරීමෙන් පසු කථානායකවරයා විසින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුවක් පත් තරනු ලැබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart