
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාත්‍රී රාජකාරියේ යොදවා සිටිය දී නිදාගැනීම සම්බන්ධයෙන් කරුණු විමසු ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයාට පහර දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා (25) සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මූළික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ගල්කිස්ස පොලිස් අධිකාරි (1) විසිනි.
පසුගිය 24 වැනිදා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ප්‍රධාන ගේට්ටුවේ මෙම පොලිස් කොස්තාපල්වරයා ආරක්ෂක රාජකාරියේ යොදවා සිට ඇති අතර එදින රාත්‍රී දොළහට පමණ රාත්‍රී රාජකාරි භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ඔහු පරීක්ෂා කිරීමට ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ප්‍රධාන ගේට්ටුවේ රාජකාරියේ යොදවා සිටි කොස්තාපල්වරයා නිදාගෙන සිටින අයුරු දුටු උප පොලිස් පරීක්ෂකවරයා ඔහු අවදි කරවා ඒ ගැන කරුණු විමසීමේ දී එක්වරම පහරදී ඇතැයි හෙතම සඳහන් කළේය.
පහරකෑමට ලක්වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මූළික පරීක්ෂණයක් පවත්වා කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart