
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තැපැල් ඡන්දය සලකුණු කිරීමට ගිය අවස්ථාවේදී කොණ්ඩය කපාගෙන එන ලෙස පවසා ආපසු හරවා යැවූ බව පවසමින්, කළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ සිවිල් ආරක්ෂක භටයකු කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි කර ඇත.
අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන විනය භාර නිලධාරිවරයා තමන්ට එලෙස හරවා යැවූ බව, එම සෙබළා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එකී පැමිණිල්ලට අනුව සිදුකළ මූලික විමර්ශනවලදී එම ස්ථානයේ මැතිවරණ රාජකාරි නිරත නිලධාරීන්ගෙන් විමසීමේදී, එවැනි සිද්ධියක් අනාවරණය නොවූ බවත් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය පවසයි.
කෙසේවෙතත්, ඒ සම්බන්ධව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් වාර්තාවක් ද කැඳවා, තවදුරටත් විමර්ශන සිදුකරන බවත් එම මධ්‍යස්ථානය කියයි.
කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ජයවීර ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart