
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්ස තරගාවලියෙන් මෙන්ම එක්දින තරගාවලියෙන් ඉවත්කළ දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.
පන්දුවාර විස්ස සංචිතයට නම් කළද ඉන් අනතුරුව චමීර අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව ලැබීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ඉන්දිය ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කීරීමට තීරණය කළ බවත්, තේරීම් කමිටු සභාපති උපුල් තරංග අද ක්‍රිකට් ආයතනයේ පැවැති ජනමාධ්‍ය හමුවේදි සදහන් කළේය.
එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් මීළඟ පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් වු සැලසුම් සදහා සළකා නොලබන බවත් කුසල් ජනිත් එම තරගාවලිය සදහා යහපත් ශාරීරික යෝග්‍යතාවක් පවත්වාගෙන යන්නේ නම් ඔහුට අවස්ථාවක් පවතින බවද උපුල් තරංග අවධාරණය කළේය.
මේ අතර ඉන්දියාවට එරෙහි පන්දුවාර විස්ස තරගාවලියේ දි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රිඩාකරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේය.
අංක තුන පිතිකරු සදහා දිනේෂ් චන්දිමාල් හෝ කුසල් ජනිත් පෙරේරා කටයුතු කරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart