
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙතම්පටමයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තායිලන්තයේ පොලිස් කණ්ඩායමක් කාන්තා ඇඳුමින් සැරසී වෙස්වලාගෙන ගොස් තිබේ.
බැංකොක් අගනුවරට සැතපුම් 90ක් පමණ උතුරින් පිහිටි ලොප්බුරි පළාතේ පැවැති වීදි නර්තන උත්සවයක් අතරතුරදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී හැඩිදැඩි පොලිස් නිලධාරීන් පස්දෙනෙකු සහ එක් නිලධාරිනියකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කාන්තා නර්තන කණ්ඩායමක් ලෙස වෙස්වලාගෙන සැකකරු වෙත සමීප වී තිබේ.
මෙක්හා ෆා-වැප්-වැප් නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී මෙතම්පටමයින් පෙති 53කට වඩා වැඩි ප්‍රමාණයක් සහ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට යොදාගන්නා ප්ලාස්ටික් බෑග 200ක් සොයාගෙන ඇත.
මීට අමතරව නීතිවිරෝධී සූදු ව්‍යාපාරයක් සඳහා භාවිත කළ ජංගම දුරකථනයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
ඒ අනුව, පළමු ගණයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම සහ නීතිවිරෝධී අන්තර්ජාල ස්ලොට් මැෂින් සූදු ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම යන චෝදනා යටතේ සැකකරුට නඩු පවරා ඇත.
දිලිසෙන සුළු වර්ණවත් කාන්තා ඇඳුම්වලින්ම සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිස, තා ලුවාන්ග් පොලිස් ස්ථානයේදී මාංචු දමා සිටි සැකකරු පිටුපසින් සිට ඡායාරූපවලට පෙනී සිටියහ.
එහිදී සිය සිනහව පාලනය කර ගැනීමට නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබිණි.
පසුව මෙම වැටලීමේ ඡායාරූපයක් බලධාරීන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබුණේ, “අපිට එයාව අල්ලන්න එළියට යන්න වුවමනාවක් තිබුණේ නැහැ, හැබැයි එහෙම නොකළා නම් ඇඳුම් කුලියට ගත්ත සල්ලි අපතේ යනවා” යනුවෙන් උපහාසාත්මක සටහනක් ද තබමිනි.
තායිලන්ත පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවැනි අසාමාන්‍ය ලෙස වෙස්වලාගැනීම් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ද බෞද්ධ කලාකෘති සොරකම් කළ බවට සැකකරු පිරිසක් කොටු කර ගැනීම සඳහා බැංකොක් නුවර චීන අලුත් අවුරුදු උත්සවය අතරතුර මකර ඇඳුමකින් සැරසී සිටීමට පොලිසිය කටයුතු කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart