
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යාවත්කාලීනකරමින් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයන සරල කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය ප්‍රතිසංස්කරණ පැකේජයක් එළිදක්වා තිබේ.
එම පැකේජයට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු හවුල්කාර රටවල ආර්ථික වර්ධනයට සහාය වීම අරමුණු කර ගනිමින්, එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ, දැරිය හැකි භාණ්ඩ වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදී ඇත.
එමගින් ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීනය වැනි රටවලින් තවත් භාණ්ඩවලට තීරුබදු රහිතව එක්සත් රාජධානියට ආනයනය කළ හැකි බව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයක දැක්වේ.
මෙම නිවේදනය පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් රාජධානියේ වෙළඳ උපාය මාර්ගය මත පදනම් වේ.
මෙම නිවේදනය නිකුත් කෙරෙන්නේ එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ අන්තර්ජාතික හවුල්කරුවන්, ප්‍රධාන ආනයනකරුවන් සහ වෙළඳ සංගම් සමඟ සකච්ඡා කිරීමෙන් පසුවය.
මෙයට ශ්‍රී ලංකා රජය සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව සඳහා වඩාත්ම වැදගත් ධනාත්මක වෙනස වන්නේ ඇඟලුම් අංශය සඳහා පවතින නීති විශේෂයෙන් ලිහිල් කිරීමයි.
මෙම වෙනස්කම් මඟින්, ශ්‍රී ලංකාව වැනි රටවල නිෂ්පාදකයන්ට ඇඟලුම් සඳහා 0% තීරුබදු වලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.
මෙම වෙනස්කම් 2026 මුල් භාගය වන විට ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart