
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස අරුන් සිද්ධාර්ථන් පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් යාපනයේදී පැවැති උත්සවයේදී යාපනය දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස අරුන් සිද්ධාර්ථන් පත්කර ඇති බව නිවේදනය කර ඇත.
යාපනය හා කිලිනොච්චිය යන දිස්ත්‍රික් දෙකෙහිම ප්‍රධාන සංවිධායකවරයා ලෙස හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් පත්කර ඇතැයිද රවි කරුණානායක දැනුම්දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ මෙම පත්වීම් පිළිබඳව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් නියෝජිතයන් බහුතරයක් දැන නොසිටි බව එම නියෝජිතයන් සඳහන් කරන අතරම, නිරන්තරයෙන්ම දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම් දැඩිව විවේචනය කරනු ලබන පුද්ගලයකුට එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබාදීම පිළිබඳව ඔවුහු තම දැඩි කනස්සල්ල පළකරති.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart