
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීම සම්බන්ධයෙන් 2023-10-02 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී, කෘතීම බුද්ධියට අදාළව ජාතික උපයමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත්කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දීම සුදුසු බවට තීරණය කර ඇත.
ඒ අනුව, අදාළ උපායමාර්ග සැලැස්මේ එක් අංශයක් වශයෙන් සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එකී නියමු ව්‍යාපෘතිය මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව පහත සඳහන් අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණ ඇමැති වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
– දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර – – අවශ්‍ය මූලික මානව සම්පත් පවතින පාසල්වල 8 වන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.
– මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගනු ලබන පාසල් ඩිජිටල්කරණය කිරීම.
– තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වනු ලබන ගුරුවරුන් 100ක් මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart