
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් 2023.12.18 වන දින වත්තල පොලිස් වසමේ අංක 53/4/ඒ, පල්ලිය පාර, වත්තල ලිපිනයේ දී වැටළීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 සන්තකයේ තබාගෙන සොරකම් කරන ලද යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 34,000.00ක්, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථනයක්ද සොයාගෙන ඇති අතර, එම පුග්ගලයාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොහු සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපතමයකු බවටත්, මොහු විසින් මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළුව නීති විරෝධි ක්‍රියා සිදුකිරිම සම්බන්ධව චෝදනා ලද පුද්ගලයකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart