
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.630 ක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අද (20) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් ‘කුෂ්’ මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් මිලියන 60 ඉක්මවන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් පළමු සැකකරු හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමියකු වන අතර ඔහු දැනට කොස්ගම, සාලාව හමුදා කඳවුරේ සේවය කරයි.
දෙවැනි සැකකරු අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි. ඇය රක්ෂණ සමාගමක සේවය කරයි.
සැකකරු අද තායිලන්තයේ බැංකොක් සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart