
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කොළඹ වරාය නගරයෙන්(පොර්ට් සිටි) අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ(20) යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව කොළඹ වරාය නගරයේ සිදුකළ වැටළීමකින් රුපියල් ලක්ෂ 27ක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි බණ්ඩල් 150ක් (දුම්වැටි 30,000) හා වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු පරණ යෝන් විදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව හෙළිවී තිබේ.
සිදුවීම පිලිබඳව ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart