September 3, 2025

සෙව­ණ­ගල සීනි කර්මාන්ත ශාලා­වට උක් ප්‍රවා­හ­නය කිරීම සඳහා යුද හමු­දාව යොදවා ආර­ක්ෂා­වට පොලිස් විශේෂ කාර්ය බළ­කාය යෙද­වී­මට පිය­වර ගන්නා බවත් කුම­න්ත්‍රණ පරා­ජය කිරීම සඳහා ගත හැකි සියලු පිය­වර ගන්නා බවත් කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති පැව­සීය.

සෙව­ණ­ගල සීනි කර්මාන්ත ශාලාව අශ්‍රි­තව ආණ්ඩුව අප­හ­සු­තා­ව­යට පත් කිරීමේ දැවැන්ත කුම­න්ත්‍ර­ණ­යක් කියා­ත්මක වෙමින් පව­තින බව පෙනී යන අතර ඒ පිළි­බඳ රහස් පොලී­සිය මේවන විට පරී­ක්ෂණ ආරම්භ කොට ඇතැයි, ඊයේ (02) මේ සම්බ­න්ධ­යෙන් පැවති විශේෂ මාධ්‍ය හමු­වක දී අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ අමා­ත්‍ය­ව­රයා මෙසේද කීය.

“හදි­සියේ අලුත් තත්ත්වය නිර්මා­ණය වෙන්නේ පසු­ගිය අගෝස්තු 16 වෙනිදා ඉඳල 24 වැනි දා දක්වාම එක දිගට අවස්ථා කීප­ය­කදී බාහිර උක් ගොවි­යන්ගේ වගා ප්‍රදේ­ශ­වල ගිනි තැබීම් කිහි­ප­යක් සිද්ධ වීමත් සම­ඟයි. සම­හර මාධ්‍ය වාර්තා කරන්නේ ගිනි ගැනීම් කියලා. උක් වගා බිම්වල ලැව් ගිනි වගේ තත්ත්ව­යක් ඇති වෙන්නේ නැහැ. මේවා ගිනි තැබීම්. ඒ නිසා තමයි මේ තත්ත්වය නිර්මා­ණය වෙලා තියෙන්නේ. මේ වෙන­කොට වාර්තා වෙලා තියෙ­නවා අගෝස්තු 16 ඉඳලා 24 වෙනිදා දක්වා ගොවීන් 153 දෙනෙ­කුට අයත් මේට්‍රික් ටොන් 12,840 ක් උක් යාය­වල් ගිනි තබා තිබෙ­නවා කියා. ඒ ගිනි තැබීම් සිද්ධ වෙන්නේ ඉතාම සැල­සුම් සහ­ගත විදි­හ­ටයි. මේකට හේතුව වන්නේ ගිනි තැබු­වට පස්සේ කර්මාන්ත ශාලා­වට සිද්ධ වෙනවා මිලදී ගන්න. ගිනි තබපු උක් කර්මා­න්ත­ශා­ලා­වට ගැනීම එක ක්‍රම­යක්. නමුත් කර්මා­න්ත­ශා­ලාව දැනු­ම්ව­ත්භා­වය ඇතිව ගිනි තියලා කර්මාන්ත ශාලා­වට ඒ උක් ගන්න පුළු­ව­න්නම් ගොවීන්ට කපන්න පහ­සුයි. උක් ගිනි තැබු­වට පස්සේ පැය 72ක් ඇතු­ළත ඇඹ­රී­මට ගන්න ඕනේ. නැත්නම් උක්වල තියෙන සීනි සාන්ද්‍ර­ණය සහ අවශ්‍ය සංයු­තිය ගන්න බැහැ.

මේක ඉති­හා­සෙත් කරලා තියෙ­නවා. ජාත්‍ය­න්ත­ර­වත් කර­නවා. ඉන්දි­යාව, බ්‍රසී­ලය පවා උක් යාය ගිනි තියලා නිශ්චිත පැය ගාණක් ඇතු­ළත කර්මාන්ත ශාලාව ගොවීන් සමඟ එක­ඟ­තා­ව­යෙන් ඒ ගිනි තබපු උක් කර්මාන්ත ශාලා­වට ගන්නවා.

පැල්වත්තේ දෛනි­කව අපට අඹ­රන්න පුළු­වන් මෙට්‍රි­ක්ටොන් 3000යි. සෙව­ණ­ගල දව­ස­කට ආසන්න වශ­යෙන් මෙට්‍රික් ටොන් 950ත් 1000 ත් අතර ප්‍රමා­ණ­යක් තමයි අඹ­රන්න පුළු­වන්. එක කටර් එකක් කැඩිලා. ඒක ප්‍රති­සං­ස්ක­ර­ණය කරන්න මේ වෙන­කො­ටත් ජාත්‍ය­න්තර මිලදී ගැනීමේ ක්‍රම­වේද යටතේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යට ගිහිල්ලා තියෙ­නවා. අවශ්‍ය සංයු­තිය සහිත වූ උක් යාය­ව­ලට ජන­ප­ද­ව­ලට ටෝකන් වෙන්කර තිබෙ­නවා. ඒ අනු­වයි තමයි ගොවියෝ කර්මාන්ත ශාලා­වට උක් ගේන්නේ.

ට්‍රැක්ටර් සංග­මය මේ වෙන­කොට ගිනි තබා විනාශ කරපු මේට්‍රි­ක්ටොන් 140,00ක් මිලදී ගන්න කියල බල­පෑම් කර­නවා. එහෙම මිලදී ගැනීම කරන්නේ නැත්නම් ප්‍රවා­හ­නය නව­ත්ව­නවා කියලා වැඩ වර්ජ­න­යක් ආරම්භ කළා. උක් සාන්ද්‍ර­ණය කුමක්ද, අඹ­රන්න පුළු­වන්ද, නැද්ද කියන එක ප්‍රවා­හ­නය ගැන නොහිතා වැඩ වර්ජ­නය ආරම්භ කරලා තියෙ­නවා. මේක තමයි ඇති­වෙලා තියෙන තත්ත්වය. ගොවියෝ හිතා­මතා ගිනි තියා­ගෙ­නත් නෙවෙයි. අපි ගිනි තිය­ලත් නෙවෙයි. නමුත් කඩා­ක­ප්ප­ල්කාරී පිරි­සක් ගිනි තියලා තියෙ­නවා.

මේවා මිලදී ගන්න­කොට ආය­ත­න­යට අවශ්‍ය ද? ආය­ත­න­යට අඹ­රන්න පුළු­වන්ද? ඒ මැෂි­න්ව­ලට මොකද වෙන්නේ? මුකුත් සල­කන්නේ නෑ. ගිනි තියපු උක් මැෂි­න්වල ඇඹ­රු­නොත් අපේ කටර් කැඩෙන්න ඉඩ තියෙ­නවා. මේ තියෙන කටර් එකක් කැඩු­ණොත් අපිට සෙව­ණ­ගල වහන්න වෙනවා. සෙව­ණ­ගල වහල පැල්ව­ත්තට ඔක්කොම ගේන්නත් බැහැ. කර්මාන්ත ශාලා දෙක­ටම දව­ස­කට අඹ­රන්න පුළු­වන් උක් මෙට්‍රික් ටොන් 3800 යි. සෙව­ණ­ගල තවත් ගිනි තියපු නැති උක් මෙට්‍රික් ටොන් ලක්ෂ­යක් විතර අපිට මිලදී ගන්න තියෙ­නවා. එක­පාර ආය­ත­න­යට දරා ගන්න බැරි ප්‍රමා­ණ­යක් ගිනි තියලා සීනි සමා­ග­මට මේවා වහාම ගනිල්ලා කිය­නවා. මේවා ට්‍රැක්ට­ර්ව­ලින් ගෙනැල්ලා මග අහු­රලා තියෙ­නවා. ආය­ත­න­යට විකු­ණන්න ගෙනල්ලා ගොඩ ගහලා තියෙ­නවා මිලදී ගන්නේ නැහැ වගේ තමයි පේන්නේ. ඉතා පැහැ­දි­ලිව මේගොල්ලො වැඩ වර්ජ­න­යක් කර­නවා. ටොන් එක රුපි­යල් දහ දාහ ගානෙ ගන්න කියලා බල­පෑ­මක් තමයි මේක කරන්නේ.

අපි ගොවි­යන්ට කියන්නේ අපිට ගන්න පුළු­වන් තරම අඹ­රන්න පුළු­වන් තරම සීනි සාන්ද්‍ර­ණය ප්‍රමි­ති­යට තියෙන උක් අපිට ගන්න පුළු­වන්. එහෙම නැතුව ගිනි තියපු ඔක්කොම ගන්න අපිට බැහැ. ගිනි තියපු උක්වල වග­කීම ගන්න ඕනේ ගිනි තියපු පිරි­සයි. මේ පිළි­බඳ සෙව­ණ­ගල පොලී­සි­යට අපි පැමි­ණිලි කරලා තියෙ­නවා. පොලි­ස්ප­ති­තු­මාට ලිඛි­තව දැනුම් දීලා තියෙ­නවා. මේකට රහස් පොලී­සිය දැන් පරී­ක්ෂණ ආරම්භ කර තිබෙ­නවා. එහෙම ආරම්භ කර තියෙද්දි තමයි මේ ට්‍රැක්ටර් සංග­මය වර්ජ­නය ආරම්භ කරලා තියෙන්නේ. මේක ආය­ත­නයේ කට­යුතු කඩා­ක­ප්පල් කිරීමේ උව­ම­නා­වෙන් කරපු දෙයක්. වර්ජ­න­යත් එහෙ­මයි. ගිනි තැබී­මත් එහෙ­මයි.

මීට කලින් ප්‍රවා­හන ගාස්තු ගෙවන්නේ නැහැ, අව­සන් ගෙවීම් කරන්නේ නැහැ කියලා උද්ඝෝ­ෂ­ණය කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­ත්තයා සහ විප­ක්ෂය සෙව­ණ­ගල ගිහිල්ලා කතා කළා. මීට කලින් දව­සක සෙව­ණ­ගල කර්මාන්ත ශාලාවේ උක් කටර් එකට ගලක් දාන්න ගිහින් සිද්ධි­යක් පද­නම් කර­ගෙන යම්කිසි තත්ත්ව­යක් ඇති­වුණා. එය ඉතාම පැහැ­දි­ලිව කුම­න්ත්‍ර­ණ­කාරී කට­යු­ත්තක් බව අපි හිත­නවා. මේවා දේශ­පා­ලන වුව­ම­නා­ව­කට සිද්ධ වෙනවා කියලා පැහැ­දි­ලියි. අපි ගෙවීම් දැන් සිදු කර­මින් පව­ති­නවා. ඒ නිසා තව­දු­ර­ටත් ගෙවීම් ප්‍රමා­දයි කියලා උද්ඝෝ­ෂ­ණය කරන්න බෑ. වැටුප් ප්‍රමා­දයි කියලා උද්ඝෝ­ෂ­ණය කරන්න බෑ. දැන් වෙන ප්‍රශ්න­යක් මුල්ක­ර­ගෙන වැඩ වර්ජ­නය කර­නවා. මේක ස්වාභා­වි­කව ගිනි ගත්ත දෙයක් නෙමෙයි. ඉතාම සැල­සුම් සහ­ග­තව දේශ­පා­ලන අර­මු­ණක් වෙනු­වෙන් රජය අප­හ­සු­තා­ව­යට පත්ක­රන්න අප­කී­ර්ති­යට පත් කරන්න රජ­යට මේක කරන්න බෑ කියලා, ඔප්පු කරන්න කරන සිදු කරන කුම­න්ත්‍ර­ණ­යක්. මේක ජන­තාව තේරුම් ගනීවි කියලා අපි විශ්වාස කර­නවා. ඒ නිසා ජනා­ධි­ප­ති­තුමා දැනු­ම්වත් කරලා ආර­ක්ෂක ලේක­ම්තු­මාගේ අව­ස­රය ඇතුව හමු­දා­ප­ති­තුමා දැනු­ම්වත් කරලා අපි ගොවීන් දැනු­ම්වත් කරලා තියෙ­නවා. නිය­මිත සීනි සාන්ද්‍ර­ණය සහිත උක් ලබා දෙන්න. ඒවා ගොවීන් කෙළින්ම ගෙනල්ලා බාර දෙන්න. ප්‍රවා­හ­නය කරන්න බැරි­නම් හමු­දාව ලෑස්තියි අවශ්‍ය ප්‍රවා­හන පහ­සු­කම් ලබා දීලා ගොවි බිම්වල ඉඳලා කර්මා­න්ත­ශා­ලා­වට උක් ප්‍රවා­හ­නය කරන්න.ඒ වගේම ආර­ක්ෂාව ලබා දෙන්න කියලා පොලිස් විශේෂ කාර්ය බළ­කා­යෙන් සහ පොලී­සි­යෙන් ඉල්ලීම කරලා තියෙ­නවා.

ආය­ත­නය කඩා­ක­ප්පල් කරන්න බෑ. අපි බොහොම තදින් ඉන්නවා. ගොවීන්ට අයි­ති­යක් තියෙ­නවා ට්‍රැක්ටර් සංග­මයේ වර්ජ­න­යට විරුද්ධ වෙන්න. නිය­මිත සාන්ද්‍ර­ණය සහිත උක් ලබා­ගන්න කර්මාන්ත ශාලා­වට අයි­ති­යක් තියෙ­නවා. ගිනි තියපු උක් නිය­මිත කාලය තුළ ලබා­ගන්න කවු­රු­හරි බාධා කර­නවා නම් ගොවීන්ට අකුල් හෙළ­නවා නම් ඒ අය ගොවි ජන­තාව වෙනු­වෙන් පෙනී සිටින අය නෙවෙයි. ආණ්ඩුව අප­හ­සු­තා­ව­යට පත්ක­රන්න ආණ්ඩුවේ කට­යුතු කඩා­ක­ප්පල් කරන්න ක්‍රියා­ත්මක වෙන අය. සෙව­ණ­ගල පැල්වත්ත මූලික කර­ගෙන කරනු ලබන දැවැන්ත ක්‍රියා­ව­ලි­යක් මේක. පැහැ­දිලි කුම­න්ත්‍ර­ණ­යක්. මේ ආණ්ඩුව අසා­ර්ථ­කයි අමා­ත්‍යාං­ශය අසා­ර්ථ­කයි කියලා තහ­වුරු කරන්න හදන සැලැ­ස්මක්. අපි මේ කුම­න්ත්‍ර­ණය පරා­ජය කරන්න හැකි සියලු ක්‍රියා­මාර්ග ගන්නවා. මේ ආය­ත­නයේ කවු­රු­හරි හිත­න­ව­නම් තමන්ගේ දේශ­පා­ලන හැකි­යාව නිසා මේක වට්ටන්න ආය­ත­නය වස්සන්න පුළු­වන් කියලා හිත­න­ව­නම් ඒක කව­දා­වත් කරන්න ඉඩ දෙන්නේ නැහැ.”