
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්ෂණික ඇමතුම් අංකයක් විවෘත කර තිබේ.
ඒ අනුව, 118 හදිසි ඇමතුම් අංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
රට තුළ සිදුවන විවිධ අපරාධ, මත්ද්‍රව්‍ය ආදිය පිළිබඳව පොලිසියේ අවධානයට යොමුකළ යුතු තොරතුරු මෙම ක්ෂණික ඇමතුම් අංකය හරහා සාමාන්‍ය ජනතාවට ලබාදිය හැකිය.
එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි පැමිණිලි ද 118 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දියහැකි වේ.
තොරතුරු ලබාදෙන්නන්ට සිය අනන්‍යතාවය හෙළිකිරීමේදී හෝ නිර්නාමිකව සිටියදී තොරතුරු සැපැයිය හැකි බව එම නිවේදනයෙහි දක්වා ඇත.
එම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවත්, එම දුරකථන අංකයට ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවත්, මෙහිදී පොලිසිය සහතිකවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart