
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීමේ අඩුපාඩු පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව බරපතළ ගැටළු මතු කර තිබේ.
මධ්‍යගත දත්ත පද්ධතියක හදිසි අවශ්‍යතාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කාලෝචිතව යාවත්කාලීන කලයුතු බව එම කාරක සභාව අවධාරණය කරයි.
පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක කැණීම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අඩංගු මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවඅවධාරණය කළේය.
පුරාවි විද්‍යා දෙපාර්තමේන්තුවට අදාළ 2021, 2022 සහ 2023 වර්ෂ සඳහා විගණකාධිපති වාර්තා මෙන්ම දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතිත්වයෙන් යුත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස්වූ විට මෙම කරුණ සාකච්ඡා කරන ලදී.
2023 ඔක්තෝබර් මාසයේ පැවති රැස්වීමේදී, රටේ සියලුම පුරාවිද්‍යාත්මක කැණීම් ස්ථාන, එවැනි කැණීම් හරහා කරන ලද සොයාගැනීම්, එම කැණීම්වල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය, තවදුරටත් කැණීම් අඛණ්ඩව කරගෙන යා යුතුද යන්න සහ කැණීම් අවශ්‍ය අනෙකුත් ස්ථාන පිළිබඳ විස්තර ඇතුළත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සහ නඩත්තු කිරීම නිර්දේශ කර ඇති බව කමිටුව සිහිපත් කළේය.
වත්මන් ප්‍රගතිය පිළිබඳ සභාපතිවරයා විමසූ විට, පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ එවැනි සියලු තොරතුරු අඩංගු පුළුල් දත්ත සමුදායක් තවමත් ස්ථාපිත කර නොමැති අතර කැණීම් බලපත්‍ර සම්බන්ධයෙන් පමණක් දත්ත පද්ධතියක් දැනට පවත්වාගෙන යන බවයි.
ඒ අනුව, එවැනි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සහ අඛණ්ඩව යාවත්කාලීන කිරීම අතිශයින් වැදගත් බව කමිටුව අවධාරණය කළ අතර, අවශ්‍ය නම් සහාය ලබාදීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සූදානම් බව නිලධාරීන්ට දැනුම් දුන්නේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් තොරතුරු තාක්ෂණ නිලධාරීන් සංඛ්‍යාවක් පැවරීමේ වැදගත්කම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපතිවරයා තවදුරටත් අවධාරණය කළේය.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු තාක්ෂණ නිලධාරීන් 12 දෙනෙකු බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී තිබුණද, දැනට සේවයේ සිටින්නේ එක් නිලධාරියකු පමණක් බවත්, එම නිලධාරියා ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කර නොමැති බවත් නිලධාරීන් කමිටුවට දැනුම් දී තිබේ.
එබැවින් පවතින පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස කමිටුව උපදෙස් දුන්නේය.
පුරාවිද්‍යා කැණීම් පිළිබඳ මධ්‍යගත, යාවත්කාලීන දත්ත සමුදාය සම්බන්ධයෙන් විධිමත් යෝජනාවක් මාස තුනක් ඇතුළත කමිටුවට ඉදිරිපත් කරන ලෙසද කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම පිළිබඳ කමිටුව තවදුරටත් අවධානය යොමු කළේය.
යාවත්කාලීන නිල වෙබ් අඩවියක් පවත්වාගෙන යෑම සංචාරක ආකර්ෂණය සඳහා අත්‍යවශ්‍ය බව කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.
ඒ අනුව, යාන්ත්‍රණයක් සකස් කර වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස කමිටුව දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මීට අමතරව, 2023 දෙසැම්බර් 31 වන දින වන විට හඳුනාගෙන ඇති මුළු පුරාවිද්‍යාත්මක ස්ථානවලින් 48%ක් තවමත් ගැසට් කර නොමැති බව කමිටුවේ අවධානයට ලක් විය.
ගැසට් කරන ලද සහ ගැසට් නොකරන ලද ස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වාර්තාවක් මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.
තවද, ලෝක උරුම ස්ථාන ලෙස යුනෙස්කෝව මගින් නම් කිරීම සඳහා හඳුනාගත් ස්ථාන පිළිබඳ වාර්තාවක් අදාළ කෙටුම්පත් යෝජනා සමඟ ඉදිරිපත් කිරීමට කමිටුව නිර්දේශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart