
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීම සඳහා රජය අනුමැතිය ලබාදී ඇත.
මහනුවර ප්‍රදේශයේ පැවති ජනමාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මේ බව අනාවරණය කළේය.
එහිදී ඇමැතිවරයා මෙසේ පැවැසීය.
“වෛද්‍ය විද්‍යාව හදාරන්න සුදුකම් ලබන දරුවෝ ගොඩක් ඉන්නවා. නමුත් අපේ විශ්වවිද්‍යාල මේ වෙනවිට 11ක් තියෙනවා. ඒ තිබුණට ඒක මදි. අපේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියට ලෝකයේම පිළිගැනීමකුත් තියෙනවා. අපි ඒ පිළිගැනීම කඩන්නේ නැතුව ඒ ප්‍රමිතියට, ඒ මට්ටමට පෞද්ගලිකව හෝ රාජ්‍ය හෝ විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා නම් එයින් පිටවෙන කණ්ඩායම් ලෝකයටත් අපිට දෙන්න පුළුවන් නම් ඒ හා සමාන්තරව යන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. මම සෞඛ්‍ය ඇමති විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් බිහිකරන්න අවසරය දීලා තියෙනවා. ඒ අය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.”
වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගියදා පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart