
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව ඇති හෙයින්, මීළඟ පොලිස්පතිවරයා ලෙස ආදර්ශවත් සහ නොකැළැල් නිලධාරියෙක් පත් කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය යළි ඇති කිරීමට නව පොලිස්පතිවරයාට හැකියාවක් තිබිය යුතු බව එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් අවධාරණය කර තිබේ.
ස්වාධීනත්වය, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, මරණ, වෘත්තීයභාවය නොමැතිකම, මේ සියල්ල පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැතිවීමට දායකවී ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වාදෙයි.
එසේම අදක්ෂ පුද්ගලයන් මෙවැනි ඉහළ තනතුරු දැරීමෙන් සිදුවිය හැකි බරපතල ප්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය දැක්වීමට හැකි බවද එම සංගමය සඳහන් කරයි.
එමඟින් පෙන්නුම් කෙරෙන්නේ රාජකාරිය මෙහෙයවන පිරිස් විසින් කරන ලද වෘත්තීමය නොවන ක්‍රියා බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොලිසිය කෙරෙහි වැඩි වැඩියෙන් ජනතා විශ්වාසය නැතිවෙමින් තිබෙන බවත්, එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart