
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයට අයත් කිසිදු ජනමාධ්‍ය නාලිකාවක් විකිණීමට හෝ බදුදීමට සූදානමක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සඳහන් කරයි.
“රජයට අයත් මාධ්‍ය නාලිකාවක් විකිණීමට හෝ බදු දීමට යම් සූදානමක් තිබේ නම් ඒ පිළිබඳ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලැබිය යුතුයි. නමුත් අමාත්‍යාංශය එහෙම කරලා නැහැ. කිසිදු නාලිකාවක් විකිණීමට හෝ බදු දීමට සූදානමක් නැහැ” යැයි “ද මෝර්නින්’ පුවත්පතට අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර ඇත.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජය සතු ජනමාධ්‍ය නාලිකා ඔවුන් විකිණීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර ලෙස ලේකම්වරයා මේ බව පවසා ඇත.
කෙසේවෙතත් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පවසන්නේ ලයිකා මොබයිල් සමූහ ව්‍යාපාරයට කෙටි කාලීන බදු ගිවිසුමක් මත ජාතික රුපවාහිනියට අයත් ‘චැනල් අයි’ නාලිකාව බද්දට ලබාදී ඇති බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළ බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්ය.
විෂය භාර ඇමතිවරයා ලෙස තමාගේ අනුමැතිය ඇතිව අධ්යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට අනුව පාඩු ලබන චැනල් අයි ආයතනය බදු දීමට තීරණය කළ බව සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart