
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු යුද හමුදා සෙබළා ඊයේ (06) ඇප මත මුදාහැර තිබේ.
අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙලෙස දැඩි ඇප කොන්දේසි මත මුදාහැරුණේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නැමැති අයෙකි.
සැකකරුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇති අතර එක් ඇපකරුවකු සැකකරුගේ ළඟම පවුලේ ඥාතියකු විය යුතු බවට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.
තවද, සැකකරුට සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට කිසිදු ආකාරයකින් බාධානොකරන ලෙස තරයේ අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කර ඇත.
කෙසේවෙතත් මෙම අපයෝජන සිද්ධියට අදාළව හිටපු යුද හමුදා සෙබළාට ඇප ලැබුණද, ඔහුජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධ තවත් සිද්ධියක් හේතුවෙන් මෙම හිටපු සෙබළා තවදුරටත් රක්ෂිත භාරයේ පසුවේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙම වෛද්‍යවරිය දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්ධව ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී නිවසේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබිණි.
මෙම සිද්ධියට අදාළව පොලීසිය මේ දක්වා පවත්වා ඇති විමර්ශනවල උදෘත දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අනුරාධපුර පොලීසිය අධිකරණයට දැනුම් දි ඇති අතර සැකකාර හිටපු යුධ හමුදා සෙබළා විසින් පැහැරගෙන ගොස් සඟවා තිබියදී පොලීසිය සොයාගත් වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවන ලෙසටද අධිකරණය පැමිණිල්ලට නියෝග කර ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart