
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (06) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී රටවල් 06ක තානාපතිවරු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හමුවූහ.
පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය Zuhair M.H. Dar Zaid, තුර්කි ජනරජයේ තානාපතිනි R. Demet Sekercioglu, බංගලාදේශ ජනරජයේ මහකොමසාරිස් Tareq M.D. Ariful Islam, ඉන්දුනීසියානු ජනරජයේ තානාපති Dewi Gustina Tobing, එම තානාපති කාර්යාලයේ ප්‍රධාන කොන්සල් Heru Prayitno, මැලේසියානු මහකොමසාරිස් Badli Hisham Bin Adam සහ මාලදිවයින් ජනරජයේ වැඩබලන තානාපතිනි Fathimath Ghina යන රාජ්‍යතාන්ත්‍රිකයෝ එම රටවල් නියෝජනය කරමින් මෙම හමුව සඳහා එක්ව සිටියහ.
ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික බිමල් රත්නායක, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන පිරිසද මේ සඳහා සහභාගි වූහ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කර ඇති අතර, රට තුළ දේශපාලන හා ආර්ථික තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්ව තිබේ.
එසේම රටවල් සමග අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහයෝගීතාව මත පදනම්ව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගයේ ඇති සූදානම පිළිබඳවද මෙම හමුවේදී ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ රාජ්‍යතාන්ත්‍රිකයින්ට පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart