
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සමඟ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිදුවූ සුහද කතාබහ පිළිබඳව අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේ එය සාමාන්‍ය දේශපාලන සිදුවීමක් බවත්, එය ඇතැමුන්(එදින සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට) අතට අත දීම ප්‍රතික්ෂේප කරනවාට වඩා නිවැරදි බවත්ය.
නාමල් රාජපක්ෂ සමඟ එහිදී කළ සංවාදය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ජනමාධ්‍ය වෙත කියා සිටියේ ඔවුන් විශේෂ දෙයක් සාකච්ඡා නොකළ බවයි.
“මම ඇහුවා මල්ලි ඔයාට කොහොමද කියලා. මට අවශ්‍ය නම්, ඔහුගේ පියා සහ පවුලේ අය මහජන මුදල් කොල්ලකෑ බව මට ඔහුගේ මුහුණටම කියන්න පුළුවන්” එහිදී අතට අත දීම සහ සිය ප්‍රතිපත්ති අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඔහු පැවැසීය.
අනුර දිසානායක කියාසිටියේ, යමකු අතට අත දීමක් කළ විට නැගී සිට ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණාංගයක් බවයි.
“ඔබ දකිනවා ජනාධිපතිතුමාගේ අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය මිනිස්සු විවේචනය කරන හැටි. එයා(සජිත් ප්‍රේමදාස) කොච්චර උඩඟු කෙනෙක්ද? අපි කරපු දේ හරි. අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම වැරදියි,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart