
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහනුවර මල්වතු හා අස්ගිරි උභය පාර්ශ්වීය මහ නාහිමිවරු බැහැදැක තිබේ.
මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන ඊයේ පස්වරුවේ බැහැ දුටු අනුර කුමාර දිසානායක, මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කර ඇත.
එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු උන්වහන්සේලාගේ ආශීර්වාදය ද ලබා ගෙන ඇත.
අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදුටු අනුර කුමාර දිසානායක
එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ද ලබා ගෙන තිබේ.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත ද එක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart