
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව විසින් සිය මිත්‍ර රාජ්‍ය නායකයකුට පිරිනැමිය හැකි ඉහළම සම්මානය වන මිත්‍ර විභූෂණ සම්මානය අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පිරිනැමීම සිදුවිය.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව සිදු කෙරුණු දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ දෙරටේ නායකයන්ගේ ඒකාබද්ධ ජනමාධ්‍ය හමුව සිදුවූ ජනාධිපති කාර්යාලයේදී මෙම සම්මානය පිරිනමන ලදී.
එය සෙන්ටිමීටර් 6.5 ක විශ්කම්භයෙන් යුත් නව රත්න මැණික් ඔබ්බන ලද ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංගවන ගොයම් කරල, හිරු, සඳු සංකේත ඇතුළත් රජතමය සම්මානයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart